Onmax ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් ..!

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Mar 20, 2023 10:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.

ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇත බවට තීරණය කර ඇති බවය.

ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණි.(උපුටාගැනීමක්)


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... h
Join now