සියළුම පොලිස් ස්ථානවලට දැනුම් දීමක්. ?

ajith rohana face mask quarantine rules covd19 inter provincial travelling
By Sewvandhi Aug 14, 2021 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුඛ ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (14) දිනයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවන් වරදක් සිදුකරන පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවය.

දිවයින පුරා අඛණ්ඩව එම වැටලීම් සිදුකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

රජය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට පැනවු පළාත් අතර සංචරණ සීමා පොලීසිය දැඩිව ක්‍රියාත්මක කළත් ජනතාව පාගමනින් පළත් මායිම් හරහා ගමන් කරමින් සිටින බව  ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසයි.

ඒ අනුව සබරගමුව හා වයඹ පළාත් මායිම වන කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ කරඳන පාලම හරහා ගමන් කරන මගීන් වයඹ පළාතට ඇතුළුවී සිය දෛනික කටයුතුවල නිරතවෙමින් සිටී.

වයඹ පළාතට අයත් බස්රථ එම පාලමෙන් එක් අන්තයක නවතා ඇති අතර සබරගමු පළාතේ බස්රථ අනෙක් අන්තයේ ඇති බවද අප වාර්තාකරුවන් පවසයි.

කෑගල්ල හා පොල්ගහවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් පාලමේ දෙපස මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂාවන් සිදුකරමින් සිටින බවද අප වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසීය.

රෝහල් ධාරිතාවය සන්තෘප්තයි. දැන් මෙරට පවතින්නේ කොවිඩ් රෝගීන් සියලුම දෙනා නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමයි..පළමු දෙවන රැල්ල වගේ නෙවෙයි දැන් තත්ත්වේ..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha