රජයේ කාර්යාලවලට විශේෂ දැනුම්දීමක්

Sri Lanka Government Of Sri Lanka National Fuel Pass
By Sewvandhi Aug 14, 2022 08:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ කාර්යාලවලට අයත් වාහන සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීමේ හැකියාව මේ වන විට පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ මාර්ගෝපදේශ කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මේ අතර, අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීමට ද නියමිතය. දිවයිනට ළඟා වූ බොරතෙල් නෞකාවේ සාම්පල් පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රී දිවයිනට පැමිණි අතර මේ වන විට එහි සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

තත්ත්ව පරීක්ෂණයෙන් අනතුරුව කඩිනමින් බොරතෙල් නෞකාව ගොඩබෑමේ කටයුතු සැලසුම් කර ඇති අතර මේ වන විට තාවකාලිකව වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ද ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තවත් බොරතෙල් නෞකාවක් ලබන 23 සහ 29 අතර දිනවල දී දිවයිනට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම බොරතෙල් නෞකා රුසියානු සමාගමකින් ආනයන කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW