කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය ගැන දැනුම්දීමක්.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් දින 03ක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව එම කාර්යාංශය සඳහන් කළේ ය.
2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා සිදු කෙරෙයි.
ඒ මාර්ගගත ක්‍රමය ඔස්සේ ය.
කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇත.
නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාළව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
නොවැම්බර් මාසයේ දී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, දකුණු කොරියාවේ වසර 4 මාස 10 ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කිරීමට හැකියාවක් පවතියි.
