විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට තවම සූදානම් නෑ - නලින්ද ජයතිස්ස

Report

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මේ මොහොතේ සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම තනතුර අහෝසි කිරීමේ ප්‍රතිඥාව ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුවද, රජය මේ වන විට ආර්ථිකය නැවත පණගැන්වීමට සහ සාධාරණ වර්ධනයක් සඳහා පදනමක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔහු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

නේපාලය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

නේපාලය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

එසේම, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා කාලය සහ සූදානම අවශ්‍ය බවත්, ආර්ථිකය ස්ථිර වර්ධන මාවතකට යොමු වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරකටත් අඩු කාලයක් ගතව ඇති බැවින්, එම ක්‍රියාවලිය සඳහා තවත් කෙටි කාලයක් අවශ්‍ය බවත්, ජනතා වරම ඉටුකිරීමට වත්මන් රජය කැපවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල