අවධානයෙන් සිටින්න..ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපකරණ රට හැමතැනම..ප්‍රමිතිය බලන්නේ මෙහෙමයි..(VIDEO)

Galle oximeter Vakunu Goda Sellambaduwa substandard equipment
By Sewvandhi Sep 02, 2021 02:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නො කළ තවත් ඔක්සිමීටර් තොගයක් ගාල්ල - වැකුණුගොඩ ප්‍රදේශයෙන් අද සොයා ගැනුණා. ඒ, කොග්ගල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යි.

එහි දී සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ ඔක්සිමීටර් 16ක් හමු වී තිබෙනවා.

සෙල්ලම්බඩු ගෙන්වන මුවාවෙන් මේවා මෙරටට ගෙන්වා ඇති අතර සැකකරුගෙන් පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබනවා.

පසුගිය දින කිහිපයේ ආහාර, ඖෂධ පරීක්ෂකවරුන් සිදු කළ වැටලීම්වලින් ලියාපදිංචි නො කළ, ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර 5,200ක් පමණ අත්අඩංගුවට ගැනුණා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now