රට ගිය වෛද්‍යවරු ආවොත් හිටපු ශ්‍රේණියම ලැබෙයි

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඒ විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසය.

එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය අතරතුර එරට මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වෛද්‍යවරුන්ගේ හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව අමාත්‍ය සදහන් කර තිබේ.

එම නිසා මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මේ අවස්ථාවේ රටට අත්‍යාවශ්‍ය  බව     එතුමා තව දුරටත් සදහන් කර තිබේ.

ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා සමාජ වටපිටාව තුළ විශේෂඥ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බවත් එනිසා මෙරටින් බිහි වු විශේෂඥ වෛද්‍ය වරුන්ට මේ අවස්ථාවේ රට වෙනුවෙන් සේවාව සැපයීම යුතුකමක් වන බව අමාත්‍යවර‍යා පැහැදිළි කර දී තිබේ.

STF හදිසි වැටලීමක් - වෙඩික්කරුවකු කොටු වෙයි

STF හදිසි වැටලීමක් - වෙඩික්කරුවකු කොටු වෙයි

ඒවගේම පසුගිය වකවානුවේ විදේශගත වු ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සියලු සේවා පහසුකම් සහිතව නැවත ඔවුන් අදාළ ශ්‍රේණිවලම පිහිටු වීමට කටයුතු කරන බවත් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට සූදානම් වන බව අමාත්‍යවර‍යා සදහන් කර තිබේ.     

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ