IMF ගිහින් ගොඩ ගියපු රටක් නෑ.. බිමල් කියයි

IMF Sri Lanka Bimal Rathnayake Sinhala news
By Hashini May 02, 2025 02:06 AM GMT
Hashini

Hashini

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන්වලට ගොස් ගොඩගිය රටවල් ලෝකයේ නොමැති තරම් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

පසුගිය දශක තුනක් තුළ ලෝකයේ රටවල් 94 IMF සමග ගිවිසුම්වලට ගොස් ඇතත් ඒවායින් 92ක් පමණම අසාර්ථක වී ඇති බවත් ඒ මහතා පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

දැන් ගොඩක් අය බලන් හිටියා අපි IMF එකත් එක්ක ගිහිල්ලා IMF එක කියන විදියට තමුන්නාන්සෙලාගෙ බෙල්ල මිරිකයි කියලා. අපි මං හිතන්නෙ 94 වැනි රට පහුගිය අවුරුදු 30 ඇතුළෙදී IMF එකත් එක්ක ගිවිසුම් අත්සන් කරපු. ඔය 94න් 92ක් විතරම තියෙන්නෙ ෆේල් වෙච්චි ඒවා. IMF එකත් එක්ක ගිහිල්ලා ඇත්තටම ගොඩගියපු රටවල් නෑ. නැති තරම්. ඒ නිසා අපි ආණ්ඩුව ගන්නකොට ලංකාව IMF වැඩපිළිවෙල ඇතුළෙ. මිනිස්සුන්ට බදු ගහලා, මිනිස්සු IMF කැරලි කියලා ජාතියක් තියෙනවා, ඒ නියෝග ක්‍රියාත්මක කරන්න ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. රටවල් අවුල් වෙනවා. අපිට තිබුණා ඒ අභියෝගයෙන් රට බේරාගන්න එක පැත්තකින්. අනිත් පැත්තෙන් ලංකාව බංකොලොත්. ඔබතුමන්ලාගෙ බෙල්ල මිරිකන්න දෙන්න බෑ, ඒ විවිධ ප්‍රතිපත්ති. අද මොකක්ද වෙලා තියෙන්නෙ ? IMF අධ්‍යක්ෂ ජනරාල්තුමිය කිව්වා ඒ වැඩපිළිවෙල හරියට කරගෙන යනවා කියලා. දැන් මේ ඊයෙ පෙරේදා ඒකෙ හතරවැනි වාරිකය අනුමත කළා. අපි දන්නවා ඔබතුමන්ලාගෙ ජීවිත සුඛිත මුදිත වෙලා කේතුමතිය වෙලා නෑ

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

එකම අපේක්‍ෂකයා පක්‍ෂ දෙකකින් තරඟ කරයි

එකම අපේක්‍ෂකයා පක්‍ෂ දෙකකින් තරඟ කරයි

ReeCha