එකම අපේක්‍ෂකයා පක්‍ෂ දෙකකින් තරඟ කරයි

By Hashini May 02, 2025 01:32 AM GMT
Report

එකම අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා ජන අරගල සන්ධානයෙන් යටියන්තොට ප්‍රාදේශීය සභාවට මෙවර තරග කරන බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පවසා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අපේක්ෂකයා ඉදිරිපත්ව සිටින්නේ යටියන්තොට අමනාවල කොට්ඨාසයෙන් වන අතර අනුර හෙවත් සමන්ත නමැති මෙම අපේක්ෂකයා පක්ෂ දෙකෙන් ම ඉදිරිපත්ව සිටින බව තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ නම් කලින් ඉවත් කිරීමට හැකිව තිබූ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පවසා ඇත.

එලෙස කුමන පක්ෂයකින් හෝ ඔහු ජයග්‍රහණය කළහොත් ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ නීතිය ඉදිරියේ අභියෝග කළහොත් අපේක්ෂකත්වය අවලංගු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

හෙට වෙනකම් විතරයි....හෙටින් පස්සේ බෑ...

හෙට වෙනකම් විතරයි....හෙටින් පස්සේ බෑ...