බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට නියමිතව තිබේ.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සහ අමාත්‍යවරයා වත්මන් ධුරය දැරීමට පෙර සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවලට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව අද පෙරවරුවේ එම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මේ අතර විපක්ෂය විසින් ගෙන එනු ලබන ලෝකයේ වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
අදාළ විවාදය හෙට (20) දිනයේත් පැවැත්වීමට නියමිත අතර, හෙට දිනයේ පැවැත්වෙන විවාදය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ද සඳහන් වේ.