සුරූපී නිළි නිරෝෂා පවුලේ සියල්ලන් සමග 14 වෙනි විවාහ සංවත්සරය සැමරූ අයුරු - පවුලම සහභාගි කරගනිමින් සිදුකළ ආදරණීය Photo Shoot එක මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Jun 17, 2022 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report
145 Shares

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම ආදරණීය නිහතමානී රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වන විට විවාහ වෙලා සිගිති දියණියකගේ සෙනෙහෙබර මවක් කියන එකත් හැමෝම දන්නා කාරණයක්. 

ඉතින් මේ කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන නිහතමානී රංගන ශිල්පිනියගේ සොදුරු කැදැල්ල ගැන අපි නිරන්තරයෙන්ම ඔබ වෙත තොරතුරු ගේනවා ඔබට මතක ඇති. ඉතින් ඒ වගේ තමයි ඇය වෘත්තීය නර්ථන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසාම ඇයගේම නර්ථන කණ්ඩායමක් ඇයට තියනවා. ඒ වගේම ඇය පහුගිය කාලයේ රුපවාහිනී නාලිකාවක නර්ථන රියැලිටි තරගයකටත් සහභාගී වෙලා ඉන්නවාත් අපට දැක ගන්න ලැබුණා.

ඉතින් පුංචි දියණියකගේ ආදරණීය මවක් වන නිරෝෂා තලගලගේ සහ ආදරණීය සැමියාගේ 14වන විවාහ සංවත්සරය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් මේ විදිහට ඇය ඇයගේ ආදරණීය සැමියා සහ පුංචි හුරතල් දෝනිවත් එකතු කරගෙන මේ ආදරණීය අවස්ථාව ජයටම සමරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාව කවදාවත් අමතක නොවන දවසක් කර ගන්න මේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම එකතු වෙලා හරි අපුරු ලස්සන ෆොටෝශූට් එකක් කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන හිරාන් ලක්ප්‍රිය ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේ පුංචි පවුලේ සතුට දෙගුණ තෙගුණ කරන්නට ඔවුන්ට එකතු වුනු පුංචි හුරතල් දෝනිවත් එකතු කරගෙන මේ ආදරණීය කළා ශිල්පිනිය ඔවුන්ගේ 14වෙනි විවාහ සංවත්සරය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒ වගේම මේ විදිහට විවාහ සංවත්සරය සමරපු ඔවුන් දේපලට අපිත් අපේ උණුසුම් සුබ පැතුම් ප්‍රාර්ථනා කරන අතරේ හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ජීවත්වෙන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery