දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දීපු හැටි ප්‍රැක්ටිකල් ද?

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ සංවාදය දිගටම පැවැත්වෙන අතර, මහජන විරෝධතා පවත්වන මට්ටම දක්වා එය දිගු වී ඇත. මෙම පසුබිම මත පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර මතවාද උණුසුම් වෙමින් පවතින අතර, දිලිත් ජයවීර සහ ලක්ෂමන් නිපුණආරච්චි මන්ත්‍රීවරුන්ගේ කතා කැපී පෙනෙන ලෙස සඳහන් විය.

එහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ, තමන්ගේ කාලයේ ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා පැවති "පස් රූල් පොත" නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ නොමැති බවයි. මෙම පොත ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික සංකල්ප ඉගැන්වීම සඳහා වැදගත් වූ බවත්, එහි නොමැතිකම විශාල ගැටලුවක් බවත් ඔහු අවධාරණය කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ‘පස් රූල්’ පොත ඉවතට

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ‘පස් රූල්’ පොත ඉවතට

එසේම මොඩියුල් ක්‍රමයේ ගැටලුවක් නොමැති බවත්, එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහෙත් පස්රූල් පොත නොමැතිවීම විශාල ගැටළුවක් ලෙස මන්ත්‍රීවරයා මතුකරන ලදී.

"මොඩියුල් ක්‍රමය පිළිගන්නා ජාත්‍යන්තර ක්‍රමයක්. එය අවශ්‍යයි. මොඩියුල කියන්නේ ඒ ක්‍රමවේදයට කියන නම මිසක් මේ විනාශයට කියන නම නෙවෙයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඔබටත් තිබුණා මටත් තිබුණා පස්රූල් පොත. ඔබ දන්නවද මේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය තුළ පස්රූල් පොත නැති කරලා කියල. පස්රූල් පොත නෑ. ඔබට මතක ඇති මේ පොතේ ඉස්කෝලෙදි ගිහිල්ලත් ලියනවා එකම අකුර සියවතාවක්. එකම අකුර ලියල ලියල තමයි අකුරක් ලස්සනට ලියන්න ඉගෙන ගත්තේ. මේ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය තුළ අච්චුගහල පොතක් දීලා තියෙනවා ඒ පොතේ අකුරු පහක්වත් ලියන්න බැහැ. ඒ පොත ගෙදර ගෙනියන්නත් බෑ. පස්රූල් පොතත් නෑ. ඔන්න ඕකයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වෙලා තියෙන්නේ.”

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

දිලිත් ජයවීර මන්ත්‍රීවරයා සිදුකරන ලද මෙම කතාවට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා දැක්වූයේ;

"ඔව් පස්රූල් පොතක් තිබුණා. මොකටද ගරු සභාපතිතුමනි පස්රූල් පොතක් තිබ්බේ. මේ පස්රූල් පොත තිබ්බේ සමහරක් අපේ පන්තිවල ඉහළට ආවත් සමහර දරුවෝ හිටියා සමහර අකුරු ලිවිය යුතු ප්‍රමාණයෙන් ලියන්නේ නෑ. මම උදාහරණයක් හැටියට කිව්වොත් සිංහල අකුරුවල තියනවා සභාපතිතුමනි අයන්න ලියන්න ඕනේ ලොකුවට. උයන්න ලියන්න ඕනේ ලොකුවට. ලයන්න ලියන්න ඕනේ ලොකුවට. ඒක එහෙම වෙන්නේ නැත්නම් එහෙම නොවෙන ළමයින්ට තමයි ගුරුවරයා කියන්නේ, හැමෝටම නෙවෙයි ඒක තිබ්බේ. පුතේ පස්රූල් පොතක් අරන් එන්න කියල. පස්රූල් පොත ගෙන්නාගෙන මන්ත්‍රීතුමනි අයන්න ලියවනවා. අන්න එයා අයන්න ලියන්න ඕන ප්‍රමාණයට අයන්න ලියනවා. උයන්න ලියවනවා. අන්න උයන්න ලියන්න ඕන ප්‍රමාණයට උයන්න ලියනවා. පස්රූල් පොත විතරක් නෙවෙයි සභාපතිතුමනි අපට තිබුණා ගල් ලෑල්ලකුත්. අපි ගල්ලෑල්ලේ ලිව්වා කියල දැන් ඉන්න පරම්පරාවටත් මේ අධ්‍යාපන ක්‍රමයටත් ගල් ලෑල්ල ඇතුලත් කරන්න ඕනෙද? දැන් මේ කියන තර්කයට අනුව අපි ගල්ලෑල්ලෙන් ලියපු නිසා මේ අධ්‍යාපනය ඇතුලේ කොහේහරි ගල් ලෑල්ලත් තියෙන්න ඕනේ.."  

මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්