අමාත්‍ය නිමල් සිරිපාලගේ වාහනය ඩීසල් නැතුව නවතී..කොළඹින් ගෙන්න කියා බැන වදී..
Badulla
diesel
Nimal siripala
Walimada
vehecle
By Sewvandhi
අද මුළු රටේම ජනතාව හිර වෙලා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා ආණ්ඩුව අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ’ යයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ වැලිමඩ ප්‍රදේශයේ දී පැවති උත්සවයකින් අනතුරුව ජන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘අද මුළු රටේම ජනතාව හිර වෙලා.කොහෙවත් ඩීසල් නෑ. මම බදුල්ලෙ ඉඳන් එනකොට ඩීසල් නැහැ කිව්වා. මම කිව්වා කොළඹින් හරි ගෙනත් ගහගන්න කියලා.
ආණ්ඩුව විතරක් නෙවෙයි අද මුළු රටම හිර වෙලා. එදා එදා යැපෙන ආර්ථිකයක් තමයි අපිට තියෙන්නෙ. අද ඉන්දියාවෙන් ඩොලර් බිලියන ඉල්ල ගන්නවා.
ඒකෙන් ඉන්ධන ගේනව. ආයෙ හෙට වෙන ක්‍රමයක්. එදා එදා යැපෙන ආර්ථිකයක් තමයි අද තියෙන්නේ’ යයිද ඔහු එහිදී සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |