ප්‍රසිද්ද මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක්
මාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) විමර්ශනයක් ආරම්භ කළේය.
කොමිසම මේ විමර්ශනය අරඹා ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය. මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
කටුනායක ගුවන්තොටුපොළ ඉදිකිරීම් කටයුතු සිදු කරන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම චෝදනාව එල්ලවී තිබුණේය. මේ සම්බන්ධයෙන් එම සමාගමේ නියෝජිතයන්ගෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන්ද ඉදිරියේදී කරුණු විමසීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
මේ පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩකඩ ලබාදීමේ පියවරක් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව ඒ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරුණු අතර නිමල් සිරිපාල සිල්වා මහතා එම අල්ලස් චෝදනා චෝදනාවෙන් නිදහස් කරමින් ඒ කමිටු වාර්තාව පසුගියදා නිකුත් කෙරිණ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයට පසුගියදා  නැවතත් පත් කරනු ලැබීය
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        