ලෝකෙට පේන්න ජීවත් වෙන්න මට ඕනි නෑ - පිස්සු හැදෙන සරාගි නිලි නිලූශි කියන කතාව (PHOTOS)

gossip Nilushi pawanya Actress sri lanka
By Sithumi Aug 22, 2021 01:16 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම සුන්දර නිරූපණ ශිල්පිනියක් තමයි නිලූෂි පවන්යා කියලා කියන්නේ. රැස්, හේලි, හුස්මක් තරමට වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට ආපු ඇය මේ දිනවල දිවිතුරා ටෙලිනාට්‍ය හරහා අපට දැකගන්න ලැබෙනවා.

ඉතින් මේ කවුරුත් ආදරය කරන හින්දි නිලියක් වගේ ලස්සන සුන්දර නිළිය ඇයගේ ආදරේ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. දිවිතුරා මම රගපාන හත්වැනි නිරමාණය. මෙතෙක් රඟපෑ චරිත අතරින්, මිනිස්සු වඩාත් මන් ගැන කතා කළේ හුස්මක් තරමට නාට්‍යයේ ටීචගෙ චරිතය සහ හේලි, රැස් චරිත සහ මේ දිවිතුරා නාට්‍යයේ වින්ඩිටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ආදරය කියන්නෙ මම කතා කරන්න අකමැතිම මාතෘකාවක්. ආදරය පවතින්නේ දෙදෙනකුගේ ගැලපීම මතයි. ඒ නිසා නොගැලපුණොත් ඒක අසාර්ථකයි.

දෙන්නගෙ අදහස් ගැලපෙන නැත්නම් එතැන ලොකු ප්‍රශ්නයක්, ආදරය කරද්දී දෙදෙනෙක් අතර ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිදහසේ යායුතු දෙයක්. අපි සොබාදහම ගත්තොත් එය නිදහසේ විඳින්න පුළුවන් දෙයක්. එතැන නීතිරිති නැහැ. ආදරයේදී මම එක රාමුවකට කොටුවෙන්න අකමැතියි. විශ්වාසය මත තමයි ආදරය විඳින්න පුළුවන් වෙන්නේ. සොබාදහම සහ ආදරය එක විදියට තිබිය යුතුයි කියලා මම හිතනවා. මගේ හරි කාලය ආවාම වෙලාවට විවාහයත් සිදු වේවි. කොහොම වුණත් මට ඕනෙ ලෝකෙට පේන්න පවුල් ජීවිතයක් ගතකරන්න නෙවෙයි. ඒකත් රගපාන්න හෝ අපි රඟපාන චරිත වගේ කරගන්න මම කැමති නැහැ. පවුල් ජීවිතය ඇත්තටම ඉස්සර කාලය සහ අද වෙනස්. අපේ අදට වුණත් පිරිමි මූලික වූ සමාජ සංස්කෘතියක් තියෙන්නේ.

සංස්කෘතිය ගැන ලොකුවට කතා කරන අය ගැහැනියකට ජොබ් එකක් තියෙන්න ඕනෑ කියලා හිතන සහ නොහිතන අයත් ඉන්නවා. ඒක එහෙම නම්, ගැහැනියකගෙන් දෑවැද්ද ඉල්ලන්න ඕනෑත් නැහැ. සමහර කාන්තාවන් ස්වාධීනව ජීවත් වෙන්න ආසයි. එහෙම හිතන අය මමත් සල්ලි හම්බ කරන්න ඕනෙ කියලා හිතන්න පුළුවන්. තමන් තනිව නැගිට ගන්න තරම් ශක්තියක් තිබුණොත් සැමියා අහිමි වූ විට පවා ඇයට බිය විය යුතු නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha