දුව බැන්දට පස්සේ මාත් කෙනෙක් හොයාගෙන බඳිනවා.තනියම ඉන්න බෑනෙ.නිල්මිණි තෙන්නකෝන් (PHOTOS)

sri lanka gossip acctress Nilmini thennakoon
By Sithumi Jan 16, 2022 06:00 PM GMT
Sithumi

Sithumi

Report

එදා පුංචි තිරයෙන් අප කාගේත් ආදරේ දිනා ගත්තා රංගන ශිල්පියෙක් ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ.මෙරට පුංචි තිරයේ සිටින ප්‍රවීණ නිළියන්ගේ නම් ලැයිස්තුවේ ඇගේ නම මුලටම කියැවෙයි.

ඕනෑම චරිතයක් ඉතා අපූරුවට නිරූපණය කරන මෙම රංගන ශිල්පිනිය වසර ගණනාවකදීම මෙරට ජනප්‍රිය, දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන හිමිකර ගත්තාය. අවස්ථා කිහිපයකදීම හොදම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ ඇය සිංහල සිනමාවේ කඳුළු බින්දුව ලෙසින් බොහෝ අය හදුන්වනවා. වේල්ස් කුමාරි විදුහලෙන් ඉගෙනුම ලැබූ ඇයට වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිනවා.

පියා ව්‍යාපාරකයෙකු ලෙසින් කටයුතු කළ අතර ඇයට අවරුදු දහතුනේදී පියා මිය යනවා. මේ රංගන ශිල්පිනිය ගැන කතා කරද්දි ඇය විවාහ වෙන්නේ ක්ෂේත්රයේ ජනප්‍රියම ගායකයෙක් වන මධුමාධව අරවින්දත් එක්ක. මේ වෙද්දි නම් ඔවුන් දෙදෙනා වෙන් වෙලා කියලා ගොඩක් දෙනෙක් දන්නවා.

ඉතින් මධුමාධව මේ වෙද්දි අලුත් ජීවිතයක් පටන් අරගෙන නමුත් නිල්මිණී තාමත් තනියම තමන්ගේ ආදරණීය දියණියත් හදාගෙන ජීවත් වෙනවා.නිල්මිණී තෙන්නකෝන් සහ මධුමාධව අරවින්ද යන දෙපළ පිළිබඳව කාලාන්තරයක සිට විවිධාකාරයෙන් කතාබහට ලක් වෙනවා.

විටින් විට විවිධ කාරණා හරහා ඉස්මතුවන මොවුන් දෙදෙනාගේ තොරතුරු පිළිබඳ ඔවුන්ගේ රසික රසිකාවියන් ද දක්වන්නේ තරමක උනන්දුවක්.මීට කාලයකට වෙන් වුණ මධු – නිල්මිණී යුවල ගැන ආයෙමත් කතාබහක් ඇති වී ඇත්තේ මාධ්‍යවල අවධානය පවා ලබා ගනිමින්.

ඉතින් පසුගිය දිනකදී එකතරා වැඩසටහනකදී නිල්මිණි පවසා සිටියේ මේ වගේ දෙයක්.ශ්වේතා දුවට අවුරුද්දක් විතර කාලෙක මං ජීවත් වුණේ මාලිගාවත්තෙ නිවෙසක. මගෙ දියණියගේ පියාගේ මවගේ නිවසෙදි 2003 මාර්තු නව වැනිදා ලොකු අසාධාරණයකට ලක්වුණා.

ඒ හින්දා මම එදා ඉන් එළියට බැස්සා. ඒ සියල්ලටම වගකියන්න ඕනෑ ශ්වේතා දුවගෙ තාත්තා. එදා ඉඳන් මම මනාලියන්ට අන්දවල මගෙ දුවව උස් මහත් කරලා එයාව හොඳ ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවා.මම ඒ අසාධාරණකම් හිත් වේදනාවක් වෙලා මම කවුන්සිල් යන තත්ත්වයටම පත් වුණා. ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ලොකු කාලයක් ගියා.ශ්වේතා දුවට දැන් අවුරුදු විස්සක් වෙනවා.

ඉතින් දැන් ඒ දේවල් මට කොහොමත් වැඩක් නෑ. ඉතින් මගේ ආදරණීය දුවත් එක්ක මන් ළඟදීම විදෙස් ගත වීමට සුදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ ස්වේතාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුයි. ඒත් එක්කම මේ වනවිටත් ඇය පිටරට කැම්පස් එකක අධ්‍යාපනය හදාරමින්ල ඉන්නේ. ඉතින් ඒ වගේම ස්වේතා වෛද්‍ය අංශයෙන් තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ.

ඉතින් ඒ නිසා මට ඇයව තනි කරන්න බෑ මොකද මන් තමා එයාගේ අමාත් තාත්තත් දෙන්නම. දුව මගෙත් එක්කමයි නිතරම කාලය ගත කරන්නේ ඇය තනිවම රට ගියොත් ඇයටත් ලොකු තනිකමක් දැනෙයි. ඉතින් ඒ වගේම කවදා හරි දුව විවාහ වෙලා ගියාම මාත් විවාහයක් කරගන්නවා . 

මොකටද තනියෙන් ජීවත් වෙන්නේ. මොකද මට ලෙඩක් දුකක් උනත් ළඟ කවුරුහරි ඉන්නවනේ එකතොට හැමදේම දුවට කියන්න බෑනේ. ඉතින් ඒ වගේම ජීවිතේ හැම අම්මා කෙනෙකුටම කවදා හරි දවසක තමන්ගේ දුව වෙන කෙනෙකුට දෙන්න වෙනවානේ . ඒ හැමදේම අනිත්‍යයි

GalleryGalleryGalleryGallery
ReeCha