රූ රැජින අලුත්ම කිරුළ ගින්දර එකතුවෙන් ලංකාවට හිමිකර ගනී..22කේ යුවතිය මෙන්න.(PHOTOS)

Sri Lanka Nilisha banu World of world tourism
By Aruna Dec 29, 2021 04:38 AM GMT
Aruna

Aruna

Report

තරගකාරිනියන් 22ක් අතරින් ජයගත් ලාංකාවේ තරුණිය ලෝක සංචාරක රූ රැජන 2021 (World of world tourism) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28 වැනිදා) සමත් විය.

මෙවර එම තරගාවලිය පැවැත්වූයේ පිලිපීනයේ වන අතර රටවල් 30ක තරගකාරිනියන් අතරින් 22 හැවිරිදි ඇය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

එහිදී දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හා තෙවන ස්ථානය කැනඩාවට හිමි විය.

මීට පෙර ලෝක සංචාරක රූ රැජන තරගාවලියෙන් තුන් වන ස්ථානයක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණද ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

කිරුළට අමතරව miss popular සහ miss talent යන ඉසව් ද්විත්වයෙන්ද නිලීෂා බානු ජයග්‍රහණය කර ඇත.

Miss talent ඉසව්වෙන් ඇයට ජයග්‍රහණය හිමිව ඇත්තේ අංගම්පොර හා ගින්දර එකතුව සිදුකළ රඟදැක්වීමකිනි.

තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ ඊයේ (28 වැනිදා) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිමිවිය.

ඇයගේ පුහුණුකරු වන්නේ රුක්මල් සේනානායකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery