එන්නතක් සහ delta විකෘතිය ගැන හදිසියේම මහාචාර්යවරියක් කිව්ව දේ මෙන්න

delta covid Nileeka malawige Sinahala news
By Sithumi Aug 22, 2021 11:55 AM GMT
Sithumi

Sithumi

Report

ඕනෑම වෛරසයක් වේගයෙන් පැතිරීගෙන යනවිට යම් යම් ජාන විකෘතිතාවයන්ට ලක්වන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය. මෙරට තුළ ව්‍යාප්තවී ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඒ බව සඳහන් කළාය.

"ඕනම වෛරසයක් වේගයෙන් පැතිරීගෙන යනකොට යම් යම් ජාන විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒක ඩෙල්ටා ප්‍රභේදයෙත් ඇතිවෙලා තියෙනවා. ඒ වෛරස්වල ඇතිවෙන බොහෝ ජාන විකෘතිතාවයන් එච්චර වැදගත් දේවල් නෙමෙයි.

ඒවා ගැන සැලකිල්ලක් දැක්වියයුතු නෑ. ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ විවෘතිතා 4ක් දකින්න ලැබෙනවා. ඒවා එන්නත්වල කාර්යක්ෂමතාවයට බලපාන අන්දමින් නෙමෙයි තියෙන්නේ. ලංකාවේ මේ වෙලාවේ බස්නාහිර පළාතේ සහ අනෙක් පළාත්වලටත් පැතිරීගෙන ගිහින් තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now