නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදයි.
අද(22) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි. ශාසනික ප්‍රතිපත්තිවලට අනූව භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන්නේ නිකිණි පොහොය දිනයි.
බුදුන් පිරිනිවන් පෑ දිනයේ සුභද්‍ර භික්ෂු පැවසූ අභද්‍ර වචන හේතුවෙන් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මූලිකත්වයෙන් 500ක් රහතන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංඝායනාව රජගහ නුවර සප්තපන්නි ගල් ගුහාව අසළ ආරම්භ කළේද අදවන් දිනකයි.
අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන් වෙයි.
බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථාදායකයා වූ ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්විම නිකිණි පුර පලොස්වක පොහොය දිනක බවද ඉතිහාසයේ දක්වා තිබේ.
මේ අතර අද දිනයේ විහාරස්ථායන් කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරනු ලබයි.
මේ සියලු පූජාවන් රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකරන්නට සියලු දෙනාම කටයුතු කරත්වා!!!.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
