ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

Report

පසුගිය (7) අලුයම දින කොල්ලුපිටිය ප්‍රදේශයේ, ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක දෙවන මහලේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් මැර කණ්ඩායමක ප්‍රහාරයකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ඒ අනුව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම සමාජ ශාලාවට කඩා වැදී පහර දී ගිනි තබා ඇති අතර මැර ප්‍රහාරය හේතුවෙන් සමාජ ශාලාවේ සේවය කළ සංගීත ශිල්පියෙකු (ඩී.ජේ.) සහ ආරක්ෂක නිලධාරියෙකු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා තිබේ.

විශ්වවිද්‍යාලය අසලින් කළල කොටස් හමුවේ

විශ්වවිද්‍යාලය අසලින් කළල කොටස් හමුවේ

පසුව තුවාල ලැබූ ඔවුන් දෙදෙනාව වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ගින්න හටගැනීමත් සමඟ, එම ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිත අවදානම හේතුවෙන් බිමට පැන තිබේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබන අතර සිද්ධිය වන අවස්ථාවේදී රාත්‍රී සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තරුණියන් දෙදෙනෙකු සමග පුද්ගලයන් සය දෙනෙකු සිට ඇති බවට පොලිසිය වාර්තා කරයි.

කසාද ගෑණි පැනලා ගියාට සැමියා දරුවත් මරලා බෙල්ලේ වැල දාගෙන - මරන්න කලින් ආස කෑමත් දරුවට කන්න දීලා

කසාද ගෑණි පැනලා ගියාට සැමියා දරුවත් මරලා බෙල්ලේ වැල දාගෙන - මරන්න කලින් ආස කෑමත් දරුවට කන්න දීලා

තවද කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ භටයන් විසින් සිව්වන මහලේ ලැගුම්ගෙන සිටි රාත්‍රී සමාජ ශාලාවේ තවත් ආරක්ෂක නිලධාරියෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ පුත්‍රයා කිසිදු අනතුරක් නොමැතිව මුදාගෙන ඇත.

ගිනි නිවන රථ හතරක් යොදා ගනිමින් පැමිණි ගිනි නිවන භට පිරිස් දැඩි වෙහෙසක් දරා ගින්න තවත් මහල්වලට පැතිරීම වළක්වා ගැනීමට සමත් වී ඇතත්, රාත්‍රී සමාජ ශාලාව සම්පූර්ණයෙන් දැවී ගොස් ඇත. පලා ගිය මෙම මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

අඹුසැමි යුවළක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

අඹුසැමි යුවළක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට