සුරූපී තරුණියන් දෙදෙනා බෙදා ගන්න බැරිව තරුණයින් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක්.
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක නටමින් සිටි තරුණියන් දෙදෙනකු බෙදා ගැනීමට තරුණයන් උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන පුවතක් වාර්තා වනවා.
මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී කොළඹ ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ.
ගැටුමෙන් පසු පළා ගිය මහනුවර තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු කර ඇත.
මෙම රාත්‍රී සමාජ ශාලාවේ නර්තන කටයුතු සඳහා මෙම තරුණියන් දෙදෙනා පෑලියගොඩ සහ රාජගිරිය ප්‍රදේශවල සිට පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් රාත්‍රියේ සිට පසුදා දක්වා විවිධ තරුණයන් සමඟ ළෙන්ගතුව නර්තනයේ යෙදුණු බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය.
මහනුවර ප්‍රදේශයේ තරුණයින් පිරිසක් එම තරුණියන්ට නර්තනයට එක්වන ලෙස බලපෑම් කිරීමත් සමඟයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |