කොවිඩ් රෝගීන් අඛණ්ඩව ඉහළ ගියහොත් මීළඟ සැලසුම

vaccination shavendra silva Covid19 Infections hemantha herath
By Sewvandhi Aug 07, 2021 06:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෛනික කොවිඩ් රෝගීන් ගණන අඛණ්ඩව ඉහළ ගිය හොත් සෞඛ්‍ය කාර්ය  මණ්ඩලය ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ත්‍රිවිද හමුදාව, විශ්‍රාමික කාර්ය මණ්ඩලය සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු කණ්ඩායම් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අනුයුක්ත කර ගැනීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

මේ අතර, covid රෝගීන් ප්‍රවාහනයට ගිලන්රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩ පිළිවෙලකට යොමු වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලූ පළාත් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දී තිබෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now