දෙසැම්බරයේ භයානක 4 වන කොවිඩ් රැල්ලක්.. රට නැවත ලොක්ඩවුන් කරයි?…

Covid Sri Lanka Channa jayasumana Wold Covid
By Aruna Nov 08, 2021 04:54 AM GMT
Aruna

Aruna

Report

දෙසැම්බර් මාසය වන විට කොරෝනා 4 වන රැල්ලක් භයානක ලෙස මතුවනු ඇතැයි බටහිර රටවල් අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

මෙරට ද ජනතාව හැසිරෙන්නේ කොරෝනා නොතිබූ රටක් ලෙස බවද පැවසූ ඔහු ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් නැවතත් කොරෝනා භයානක රැල්ලක් ඇතිවිය හැකි බවද පැවසීය.

විශෙෂයෙන්ම මුව ආවරණ අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරනු මෑත කාලයේ නිරීක්ෂණය වූ බවයි.

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නේ නම් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවුණු ඇති බවද ඔහු කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha