ඉදිරි සති තුනෙන් පසුව මෙරට වෙන දේ මෙන්න.. අංශයන්ගෙන් අනතුරු ඇඟවීමක්!!!

Sri Lanka PHI Covid risk
By Aruna Dec 23, 2021 05:48 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි සති තුනෙන් පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති උපුල් රෝහණ අද (23) මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ඊයේ (22) අලුතින් හඳුනාගත් ආසාදිතයින් 03 දෙනාද ඇතුලුව දැනට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයින් 7දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි.

ඉදිරි කාලය ඉතා අවාසනාවන්ත තත්වයකට රට පත්වීම වළක්වා ගැනීමට නම් උත්සව සමයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස උපුල් රෝහණ මහජනතාවගෙන් ඉල්ලා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now