හෙට සිප වැළද ගන්න එපා.. සෞඛ්‍ය අංශ කියූ කතාව

By Sithumi Jan 02, 2022 05:15 AM GMT
Sithumi

Sithumi

Report

 නව අලුත් අවුරුද්ද උදා වීමත් සමඟ බොහෝ දෙනා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන දිනය හෙට බැවින් අන් අයට සුබ පැතීම සඳහා සිප වැළඳ ගැනීම් සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තිය ද ඉතා ශීඝ්‍රයෙන් සිදු වීම මීට හේතු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එමෙන් ම රාජකාරි කටයුතුවල දී සුහදව සුබපැතුම් සිදුකරන ලෙසත් කැවීම් , සිප වැළඳ ගැනීම් සිදු කිරීම මඟින් වෛරස ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now