ඉන්සියුලින් ගැන බය වෙන්න එපා, හිඟ ඖෂධවේදීන්වත් ඉක්මනට බඳව ගන්නවා සුව ඇමතිගෙන් ආරංචි වැස්සක්

Report

හිඟ ඖෂධ හා වෛද්‍ය උපකරණ එළඹෙන නොවැම්බර් මස මැදභාගය වනවිට රෝහල්වලට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊයේ (25) දින විශ්වාසය පළ කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ලෝක ඖෂධවේදින්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ දියවැඩියාව රෝගින්ට ලබාදෙන ඉන්සියුලින් හිඟයක් රටපුරා නැති බවයි. එමෙන්ම සති තුනකට අවශ්‍ය ඉන්සියුලින් රජයේ වෛද්‍ය සැපයුම් අංශය සතු බවද ඔහු කියා සිටියා.

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි

ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,

‘‘මේ ඖෂධ මිලදී ගැනීම ගැන පහුගිය කාලයේදී සිදු වූ දේ ගැන පැති හතරකින් පරික්ෂණ යනවා. මෙතෙක් කාලයක් ඖෂධ මිලදී ගැනීම පිළිබඳ ක්‍රමවේදය අවුල් වියවුල් තැනකට පත්වෙලා තියෙනවා. මේ ක්‍රමවේද බිඳවැටීම ඇතුළේ සැලකිය යුතු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ වෙලාවේ වෛද්‍ය සැපයුම් ඒකකය තුළත් ආයතන තුළත් තව සති තුනකට හරියන්න ඉන්සියුලින් තියෙනවා. ඔක්තෝබර් මාසයේ පළමු සතිය වනවිට තව මාස එකහමාරකට හරියන්න ඉන්සියුලින් අපිට ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ අග වෙනකොට තව මාස හතරකට හරියන්න ඉන්සියුලින් ලැබෙනවා. ජාතික රෝහලෙත් සති තුනකට හරියන්න ඉන්සියුලින් තියෙනවා. ඖෂධ සැපයීම යථාවත් කිරීමට වෙහෙස මහන්සිවුණ අයට විවිධ මට්ටමේ බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේ වෙලාව වනවිට තමන්ට ලබාදීපු නියමිත ඉලක්කයට ඖෂධ සංස්ථාව රුපියල් බිලියන 78 ක ඖෂධ ඇණවුම් කරලා තියෙනවා. නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම ප්‍රධාන රෝහල්වලට සහ මූලික රෝහල්වලට ගියා. ඒ අය පොදුවේ කිව්වෙ කලින් ප්‍රශ්නයක් තිබ්බා නමුත් සැලකිය යුතු මට්ටමකට ඖෂධ සැපයීම යාථාවත් වෙමින් පවතිනවා කියලා. නොවැම්බර් මාසයේ අපි බලාපොරොත්තු වෙනවා ඇණවුම් කරන ලද ඖෂධ සහ ශල්‍ය උපකරණ ලැබෙයි කියලා. අපේ සැපයුම්කරුවන් එතරම් ශක්තිමත් නොවන බවත් කියන්න ඕන. විටින් විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලිය සම්පූර්ණ කරලා තිබියදීත් සැපයුම්කරුවන් විසින් කරන දේවල් නිසා සැපයුම්වලට බාධා වෙනවා. කියන්න සතුටුයි ලංකාවේ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් සහ ඖෂධ නිෂ්පාදනයේ සිටින අය මුදල් ආයෝජනය කරලා තියෙනවා. ලබන වසරේ දේශීය ඖෂධ කොටසක් නිෂ්පාදනය කිරීමට හැකියාව තියෙනවා. ඖෂධ මිල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මීට එරෙහිව අධිකරණයට ගිහින් තිබෙනවා. මීට අදාළ ගැසට් එක ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනවා. එවිට ඖෂධ මිල අඩු කිරීමට හැකියාව පවතිනවා. ඖෂධවේදීන්ගේ බරපතළ හිඟයක් පවතිනවා. හැකි තරම් ඒ අය බඳවා ගැනීමට කටයුතු කරනවා.’’ යනුවෙන්.

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි