අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

Report

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන අද (26) දින ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පාසල් දරුවන්ට ලැප්ටොප් පරිගණක හා අන්තර්ජාලය පහසුකම්

පාසල් දරුවන්ට ලැප්ටොප් පරිගණක හා අන්තර්ජාලය පහසුකම්

මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජයේ අනෙකුත් ආයතනවල සියලුම විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව නිලධාරීන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

මෙහිදී ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 6ක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මේ වන විට පවත්වා ඇති අතර ඒ සඳහා නිලධාරීන් 4000කට වැඩි පිරිසක් සහභාගී විය.

එමෙන්ම සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් මට්ටමින් මෙම වැඩසටහන පවත්වා රජයේ ඩිජිටල්කරණ සැලසුම පිළිබඳ රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය සහ AI තාක්ෂණය රජයේ කටයුතු සඳහා භාවිතයට යොදා ගැනීම පිළිබඳව කොළඹින් බැහැර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමට සැලසුම් කර තිබේ.

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඊට අනුව මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හවුල්කාරිත්වයෙන් සංවිධානය කෙරේ.කරන අතර ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන හර්ෂ පුරසිංහ, සමීෂ අබේසිංහ යන මහත්වරු සම්පත් දායකයින් ලෙස මීට එක්වේ.