ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි

Report

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ගුරු පුහුණුව ලබාදෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු සඳහන් කළේ ජනප්‍රිය යැයි හඳුන්වන බාලක, බාලිකා මෙන්ම මිශ්‍ර පාසල්වල විදුහල්පතිවරුන් හා විදුහල්පතිනියන් මෙම උපාධිධාරීන් පාසල්වලට ගෙන්වා ගුරුවරුන් ලෙස පුහුණු කරමින් සිටින බවයි.

එසේම අඳාළ පුහුණුව ලබාදෙමින් ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවූ අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට ගුරු පුහුණුව ලබාදීම නතර කර ඇති පසුබිමක බව ද පවසයි.

උසස් පෙළ ප්‍රායෝගික විභාග - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ ප්‍රායෝගික විභාග - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඒ අනුව මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයාට පැමිණිලි කළ බවත් ජෝසප් ස්ටාලින් කියා ඇත.

එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික උපාධිධාරීන්ට පුහුණුවක් ලබා නොදේ නම් කොළඹ පාසල්වල විදුහල්පතිවරුන් තීරණ ගත්තේ කාගේ අනුදැනුම මතද යන්න ගැටලුවක් බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන්නැයි අඳාළ පැමිණිල්ල මඟින් ඉල්ලා සිටි බවත් සඳහන්.

කෙසේ වෙතත් මේ දිනවල ලබාදෙමින් තිබෙන පුහුණුව නිසා සිසුන්ගේ අධ්‍යයන කාලය අපතේ යන බවත් මෙමඟින් සිසුන් මෙන්ම අනෙකුත් ගුරුවරුන් පීඩාවට පත්ව සිටින බවත් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රජයේ පාසල් සිසුන්ට ඉගැන්වීමේ යෙදීමට අවසර ලබාදුන් පුද්ගලයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අපක්ෂපාතීව තීන්දු තීරණ ගනු ඇතැයි ගුරු වෘත්තීය සංගම් අපේක්ෂා කරන බවද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි