තරුණ තරුණියන්ගේ ඇස් උඩ යන ආරංචියක් - ඇපල් මාදිලි කිහිපයක් අත්හිටුවයි..?ඇපල් වොච් , එයාර් පොඩ්ස් , අයි පෑඩ්, iphone ගැන දැන් ලැබුණු පුවත..

iPhone Apple Technology Latest Headlines
By Sewvandhi Sep 02, 2024 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

Apple සිය වාර්ෂික සැප්තැම්බර් උත්සවය මෙම වසරේ සැප්තැම්බර් 9 වන දින කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

'It's Glowtime' ලෙස නම් කර ඇති මෙම උත්සවයේදී නවතම iPhone 16 මාලාව සහ නව ඇපල් නිෂ්පාදන එලිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම උළෙලේදී ප්‍රධාන වශ‍යෙන් අවධානය යොමුවන්නේ නවතම iPhone 16 මාලාව වෙතටයි. තවද මීලග පරම්පරාවේ ඇපල් වොච් , එයාර් පොඩ්ස් , අයි පෑඩ් සහ තවත් ඇපල් නිශ්පාදන එලිදැක්වීමට නියමිත අතර IOS 18 යාවත්කාලීන කිරීම, Apple Intelligence සේවාව ඇතුලු තවත් විශේෂ නිවේදන කිහිපයක්ද මෙම උළෙලේදී දැනුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෑම වසරකම සිදු වන පරිදි, නව iPhone මාලාව දියත් කිරීමත් සමඟ Apple විසින් පෙර පරම්පරාවේ උපාංග කිහිපයක් නිශ්පාදනය අත්හිටුවීමට සිදු කරනවා. එලෙසම iPhone 16 දියත් කිරීමෙන් පසුව අත්හිටුවීමට ඉඩ ඇති Apple නිෂ්පාදන කිහිපයක් පිලිබඳව තොරතුරු වාර්තා වනවා. එම නිෂ්පාදන පිළිබඳව තොරතුරු පහතින්.

iPhone 15 Pro සහ iPhone 15 Pro Max -

Apple Intelligence ක්‍රියාත්මක කළ හැකි එකම iPhone දෙක මෙය වන අතර, සමාගම විසින් ලබා දෙන සියලුම AI විශේෂාංග අත්විඳීම සඳහා නව iPhones මිලදී ගැනීමට ගැනුම්කරුවන් පෙළඹවීමට මෙම අත්හිටුවීම සිදු කල හැකි බවයි වාර්තා වන්නේ.

iPhone 14 Plus -

පසුගිය වසරේ iPhone 14 දියත් කිරීමෙන් පසු iPhone 13 Mini නවත්වන ලද අතර, මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, සමාගම මෙම වසරේ iPhone 14 Plus අත්හිටුවිය හැකි අතර, ඇපල් දැනටමත් එහි 'Plus' මාදිලියෙන් ඔබ්බට ගොස් ඒ වෙනුවට iPhone 17 ශ්‍රේණියේ 'Air' ලෙස නව මාදිලියක් සමඟ ඒවා ප්‍රතිස්ථාපනය විය හැකි බවයි වාර්තා වන්නේ.

iPhone 13 මාලාව :

2021 වසරේ නිකුත් කරන ලද iPhone 13 දැනට විකිණීමට ඇති(දැනට නිෂ්පාදනය වන) පැරණිතම iPhone වන අතර iPhone 16 ශ්‍රේණිය සැප්තැම්බර් 9 වන දින දියත් කිරීමෙන් පසුව iPhone 13 දුරකථනය නිශ්පාදනය නතර කරනු ඇත.

AirPods 2 සහ AirPods 3:

සැප්තැම්බර් 9 උළෙලේදී නව AirPods 4 එළිදක්වන බව වාර්තා වෙනවා. එය AirPods ප්‍රභේද දෙකකින් පැමිණෙන බවද සඳහන් වනවා.එම නිසා මෙම නිෂ්පාදන දෙක වෙනුවට AirPods 4 ප්‍රතිස්ථාපනය වනු ඇති බවයි සඳහන් වන්නේ.

අතිශයින්ම කාන්තාවන්ටයි..! ඔබේ සැමියා ඔබ සමඟ ලිංගිකව එකතුවීමට උනන්දුවක් නැද්ද..? එහෙනම් හේතුව මේක වෙන්න පුළුවන්..

අතිශයින්ම කාන්තාවන්ටයි..! ඔබේ සැමියා ඔබ සමඟ ලිංගිකව එකතුවීමට උනන්දුවක් නැද්ද..? එහෙනම් හේතුව මේක වෙන්න පුළුවන්..