වල දමා සිට ගොඩ ගනිද්දී හුස්ම ගත් ‘බිළිඳියගේ’ මව සහ මිත්තණියට සිදුව ඇති දේ(Update)

mother sinhalanews sinhalagossip newbornbaby
By Gagana Nov 24, 2021 11:38 AM GMT
Gagana

Gagana

Report

බිළිඳියක් පණ පිටින් වළ දමා ඇති සිදුවීමට සම්බන්ධ චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාව සහ ඇගේ මව කොවිඩ් රෝගය වැළඳීම නිසා රෝහල්ගත කර ඇති බව චාවකච්චේරි පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ඔවුන් රෝහලෙන් පිටවන අවස්ථාවේ දීම ප්‍රශ්න කර අත්අඩංගුවට ගන්නා බවයි ඔහු කියා සිටියේ.

මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් මෙලෙස පණ පිටින් වළ දමා ඇති බවට ග්‍රාම නිලධාරිනිය පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව චාවකච්චේරි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන තිබෙනවා.

බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බව තහවුරු වීම නිසා වහාම ඇයව චාවකච්චේරි රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා  සඳහන් කළේ. අදාළ බිළිඳියගේ මව වයස අවුරුදු 18ක තරුණියක වන අතර මිත්තණිය වයස අවුරුදු 55ක කාන්තාවක් වනවා.