අලුත උපන් බිලිඳිය පණ පිටින් වළදැමූ සහාසික මව..
යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ කතක බිහිකළ බිලිදියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි බේරාගත් බව පොලිසිය පවසයි .
ගොඩගත් බිළිඳිය දැනට යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.
චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් නිවස පිටුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ගාම නිලධාරිනිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන ඇත.
බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බවට තහවුරු වීම නිසා පොලිසිය වහාම ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා ඇත .
පොලිසිය විසින් බේරාගත් බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
උපන් හැටි බිලිදිය පණ පිටින් වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |