පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සිංහයන්ට හැකිවේවිද.. නවසීලන්ත - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අදයි..

Report

නවසීලන්තය හා  ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගාවලිය අද පපස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

පැරදුනු මන්ත්‍රීවරු 30 දෙනෙකු නිල නිවාස වලින් පිටව යයි...

පැරදුනු මන්ත්‍රීවරු 30 දෙනෙකු නිල නිවාස වලින් පිටව යයි...

අද තරගය සඳහා මීට පෙර පැවති තරගවලට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු විවේක ගන්වා තිබෙනවා.

ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩා කිරීම සඳහාය.

ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග සංචිතයට කැදවා ඇති බවයි.

විශ්ව විද්‍යාලයක ඇදුරන් උපකුලපතිට එරෙහිව අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක...

විශ්ව විද්‍යාලයක ඇදුරන් උපකුලපතිට එරෙහිව අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක...

දෙරට අතර එක්දින තරගාවලිය දෙකට බින්දුවක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර අද තරගයද ජයගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට අවස්ථාව හිමි වනවා.