පැරදුනු මන්ත්‍රීවරු 30 දෙනෙකු නිල නිවාස වලින් පිටව යයි...
By Piyumika
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පරාජයට පත් වූ තවත් මන්ත්‍රීවරුන් 80ක් දෙනකු පමණ පිටව යෑමට නියමිතය.ඒ අයට මන්ත්‍රී නීර නිවාස වලින් ඉවත් වෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානින් දැනටමත් දැනුම් දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය දහ දෙනෙකු මදිවලනි මන්ත්‍රී නිල නිවාසයේ රැඳී සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දින තෙක් රැඳී සිටීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් අවසර දී තිබිණ.
මේ අතර පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට ඇති හෙයින් ඒවා පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ බව පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය