බැතිමතුන්ට සුබ ආරංචියක් - මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන දිනය සහ විශේෂ වැඩපිළිවෙළ මෙන්න

By Kanchana Nov 07, 2026 08:16 AM GMT
Report

මෙවර ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් 23 වනදාට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වේ, ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේයි සිරිපා වන්දනා සමයේ කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි ලබන මස 23 වනදාට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනාවාරය අවසන් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ වෙසක් පොහොය දිනයෙනි .

පැල්මඩුල්ල, ගල්පොත්තාවලට ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ විශේෂ කුටියක තැන්පත්කර ඇති සදාතුක කරඩුව සහ සුමන සමන් දේව ප්‍රතිමාව දෙසැම්බර් 21 වනදා සවස් කාලයේදී ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේදී වන්දනාමාන කිරීමට ඉඩ සලසා දී ඇත.

රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සංඛ මාපිටිගම මහතා සදහන් කළේ මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ කටයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකරන බවයි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වෙනු ලබයි 

පළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් -නිවාඩු වෙනුවට සෙනසුරාදා පාසල් පැවැත්වේ

පළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් -නිවාඩු වෙනුවට සෙනසුරාදා පාසල් පැවැත්වේ