ඩිෂ්නිගේ මංගල දිනය තවත් ලස්සන කළ Sweet තෑග්ග - රෝස රිබන් බැඳි බලු පැටියෙක්
පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ විවිධ කතාබහට ලක්වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිෂ්නි රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා.
ඩිෂ්නිගේ අත ගත්තේ ඇයගේ ඥාති සහෝදරයෙකු වන රජිත්. වෙනස්ම ආකාරයේ අලංකාර මංගල උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඩිෂ්නිගේ නැගණියන් දෙදෙනාම දෙවැනි මනාලියන් ලෙස එක්ව සිටීමත් විශේෂත්වයක්.
පාරුවකින්, නෙළුම් කොළයක් යටින් මනාලිය කැඳවාගෙන ආ ඒ අපූරු මංගල උත්සවය කාගේත් අවධානය දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි, මංගල උත්සවය පුරාම ඩිෂ්නි නර්තනයේ යෙදුණු ආකාරයත් කාගේත් කතාබහට ලක්වුණා.
හැබැයි මේ හැමදේම අතරේ කාගේත් හිත ගිය තවත් අපූරු සිදුවීමක් තිබුණා.
ඒ තමයි මනාලයා වූ රජිත්ගෙන් ඩිෂ්නිට ලැබුණු විශේෂ තෑග්ග! රෝස පැහැති රිබන් පටියක් ගැටගැසූ හරිම හුරතල් බලු පැටියෙක් තමයි රජිත් මනාලියට තෑගි කරලා තිබුණේ.
ඒ පුංචි සුරතලාගේ හුරතල් පෙනුම දැක්කම කාට වුණත් ආදරේ හිතෙනවා. කොහොම වුණත් මංගල දිනය තවත් මතකයේ රැඳෙන දවසක් කරන්න රජිත්ගෙන් ලැබුණු මේ තෑග්ග නම් හරිම විශේෂයි. ඉතින් අලුත් ජීවිතය ආරම්භ කළ ඩිෂ්නිටත් රජිත්ටත් සතුට, ආදරය පිරුණු සුන්දර යුග දිවියකට අපෙනුත් උණුසුම් සුබ පැතුම්!