අමෙරිකානු නාවික හමුදාවට අයත් විශේෂ 'MV-22B' යානයක් කටුනායකට

Report

බෝයිං සමාගම විසින් නිෂ්පාදිත, අමෙරිකානු නාවික හමුදාවට අයත් 'MV-22B' වර්ගයේ විශේෂ ගුවන් යානයක් අද (07) දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම යානය හෙලිකොප්ටර් යානයක් ලෙස මෙන්ම සාමාන්‍ය ගුවන් යානයක් ලෙසද භාවිත කළ හැකි වීම විශේෂත්වයක් වේ.

එහි අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහළට එසවෙන ආකාරයට මෙන්ම, අවශ්‍ය පරිදි ඉදිරිපසට යොමු වන ආකාරයට ද සකස් කරගත හැකිය.

ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි

ලොව පුරා කාන්තාවන් 300ක් ශ්‍රී ලංකාවට එන්නේ ඇයි? - සුප්‍රසිද්ධ ‘Raid Amazones’ යළිත් එයි

එම නිසා ගුවන්ගත වීම සඳහා ධාවන පථයක් අවශ්‍ය නොවන අතර හෙලිකොප්ටරයක් මෙන් සෘජුවම අහසට නැංවීමේ හැකියාව ඊට පවතී.

ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ නාවික සැතපුම් 50ක් දුරින් නැංගුරම් ලා ඇති අමෙරිකානු නාවික හමුදා යාත්‍රාවක සිට මෙම යානය කටුනායක වෙත පැමිණ ඇත.

මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

මෙම විශේෂ ගුවන් යානය අද පස්වරුවේම යළි අදාළ නාවික හමුදා යාත්‍රාව වෙත පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.