විශ්ව විද්‍යාලයක ඇදුරන් උපකුලපතිට එරෙහිව අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක...

University of Ruhuna Sri Lanka Strike Sri Lanka
By Piyumika Nov 19, 2024 02:05 AM GMT
Piyumika

Piyumika

Report

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අද (19) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට එහි ආචාර්යවරුන්ගේ එකමුතුව තීරණය කර තිබෙනවා.

රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය පිළිබද ආණ්ඩුට ඉල්ලීමක් ..

රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය පිළිබද ආණ්ඩුට ඉල්ලීමක් ..

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා ධූරයෙන් ඉවත් වනතෙක් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මත කරන බවයි එම එකමුතුව සඳහන් කළේ. එම විශ්වවිද්‍යාලය වසර ගණනාවක සිට දිනෙන් දිනම පරිහානියට පත් කිරීමේ වගකීම භාරගෙන උපකුලපතිවරයා වහා තනතුරෙන් ඉවත් විය යුතු බව එහි ආචාර්ය එකමුතුව පවසනවා.

ඒ අනුව අද (19) පෙරවරු 9.00 සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්, සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් සහ විරෝධතා පා ගමන් සංවිධානය කර ඇති බවත් වාර්තා වනවා.

සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර මෙම ආචාර්යවරුන්ගේ එකමුතුව රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් දක්වා උප කුලපතිවරයාට වහාම ඉවත් වන ලෙස බලකල ඇති අතර එසේ නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට එහිදී දැනුවත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සතියකට අධික කාලයක් ගතවී ඇතත්, උපකුලපතිවරයා තවදුරටත් තනතුරේ රැඳී සිටීම හේතු කරගෙන ඔහු ඉවත් කරන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම ආචාර්යවරුන්ගේ එකමුතුව වැඩිදුරටත් සඳහන් කළේ.

ReeCha