රුවන්වැලි සෑය ළඟ සත්‍යග්‍රහයට අධිකරණයෙන් තද නියෝගයක් - බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට වහාම ඉවත් වෙන්න කියයි
By Kanchana
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට එම පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස නියෝග කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සැල් භූමියේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පිරිසක් උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.