ආරුක්කු නවයේ පාලමට අලුත් වැඩක්
විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් ආරුක්කු නවයේ පාලම, සහ බිංගෙය විදුලිය බල්බ යොදා ආලෝකමත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතා පැවසුවේ එම ව්‍යාපෘතියේ පෙර පරික්ෂාවක් සිදු කළ අතර warm withe පැහැයේ විදුලි බුබුලු හැත්තෑවක් මේ සඳහා යොදා ගත් බවය.
වසර 104 පැරණි 1921 දී බ්‍රිතාන්‍යයන් පාලන සමයේ ඉදි කළ බව කියන මෙම ආරුක්කු නවයේ පාලමේ කෞතුක බව රැකෙන පරිදි (Heritage monument lighting system)උරුම ස්මාරක ආලෝකකරණ පද්ධතිය ලෙස ආලෝක කිරීම සිදුකෙරෙන බව ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.