ට්‍රම්ප්ගේ බදු සෙල්ලම පැරදුණාට පසු ඇමෙරිකාවෙන් ආපු අලුත්ම සූදුව - ලංකාව ඇතුළු රටවල් 60ක් අනතුරේ

Report

එක්සත් ජනපදය විසින් බලහත්කාර ශ්‍රමය (Forced Labour) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර නොගත් බව පවසමින් රටවල් 60කට අතිරේක ආනයන තීරුබදු පැනවීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵල මත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එම රටවල් බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ තම වෙළඳපොළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නීතිමය හා නියාමන ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට චෝදනා කර ඇත.

ආරක්ෂක හේතු මත කල් දමපු කමේනිගේ අවමංගල්‍යයේ සියලු රහස් සැලසුම් එළියට

ආරක්ෂක හේතු මත කල් දමපු කමේනිගේ අවමංගල්‍යයේ සියලු රහස් සැලසුම් එළියට

නව යෝජනාව අනුව කැනඩාව, මෙක්සිකෝව, එක්සත් රාජධානිය, තායිවානය ඇතුළු රටවල් කිහිපයකට සියයට 10ක අතිරේක තීරුබද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය ඇතුළු අනෙකුත් රටවලට සියයට 12.5ක තීරුබද්දක් පැනවීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාව ද මෙම විමර්ශනයට ලක්වූ රටවල් 60 අතරට ඇතුළත් වන බව ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය මීට පෙර නිකුත් කළ නිල ලේඛනවල සඳහන් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මීට පෙර පැනවූ ඇතැම් හදිසි තීරුබදු සම්බන්ධයෙන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සීමා පැනවීමෙන් අනතුරුව, 301 වගන්තිය වෙළඳ නීති යටතේ නව ක්‍රියාමාර්ගයක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝලීය බලශක්ති වෙළෙඳපොළ උඩුයටිකුරු වෙයි - බොරතෙල් මිල ගණන් එකවරම ඉහළ ගිය හැටි

ගෝලීය බලශක්ති වෙළෙඳපොළ උඩුයටිකුරු වෙයි - බොරතෙල් මිල ගණන් එකවරම ඉහළ ගිය හැටි

කෙසේ වෙතත්, මෙම තීරුබදු තවමත් අවසන් තීරණයක් නොවන අතර මහජන අදහස් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ යෝජනා ලබා ගැනීමෙන් පසු අවසන් තීරණයක් ගනු ඇතැයි ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය පවසයි.

වෙළඳ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, යෝජිත තීරුබදු ක්‍රියාත්මක වුවහොත් ඇමෙරිකානු වෙළඳපොළට අපනයනය කරන රටවලට, විශේෂයෙන් ඇඟලුම් හා නිෂ්පාදන ක්ෂේත්‍රයට, අමතර පීඩනයක් එල්ල විය හැකි බවයි.

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්