ගෝලීය බලශක්ති වෙළෙඳපොළ උඩුයටිකුරු වෙයි - බොරතෙල් මිල ගණන් එකවරම ඉහළ ගිය හැටි
By Aylin Zoya
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
නවතම දත්ත අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.24ක වැඩිවීමකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.08ක වර්ධනයක් ලෙස දැක්වේ.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.76ක වැඩිවීමක් බවද වාර්තා වේ.