පාසල් විෂය ධාරාවට තවත් අලුත් විෂයක්
ministry of education
new subject
syllabus
A.B.Yatiwella
forest conservation
By Sewvandhi
“වන ජීවි සංරක්ෂණය සහ වන සංරක්ෂණය” පාසල් විෂය ධාරාවට අන්තර්ගත කිරීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට සාධනීය ප්‍රතිචාර ලැබී තිබෙන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිමල් ඒ.බී. යටිවැල්ල මහතා පවසනවා.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය සී.බී. රත්නායක මහතා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම, මෙම විෂය පාසල් අධ්‍යාපන විෂයක් ලෙස ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උපාධි පාඨමාලාවක් ලෙස විශ්වවිද්‍යාල විෂය ධාරාවට ද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
