මෙරටින් කොවිඩ් ආසාදිතයින් සදහා නවතම මෘදුකාංගයක්..සියලු විස්තර මෙන්න..

COVID19 INFECTIONS KALANIYA UNIVERSITY PROF KUMARA MENDIS NEW SOFTWARE
By Sewvandhi Sep 09, 2021 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටළුවලට පිළිතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුලවීම හේතුවෙන් එම මෘදුකාංගය හඳුන්වාදෙන බව එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා පැවසීය.

එම මෘදුකාංගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මේවන විට හිමිව ඇති බැවින් එය භාවිත කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ගොඩක් රෝගීන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වෙනවා. කොවිඩ් පොසිටිව් වුණාම රෝගීන්ට තිබෙනවා සුළු ප්‍රශ්න ටිකක් අසා දැනගන්න. මට ගෙදර ඉන්න පුළුවන්ද ? මට රෝහලකට ඇතුළු වෙන්නට පුළුවන්ද ? නැතහොත් වෛද්‍යවරයෙකුට කතා කරන්න අවශ්‍යද ? මේ සුළු ප්‍රශ්නවලටවත් නිසිආකාරයේ පිළිතුරු ලබාගැනීමට අසීරුයි මොකද සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුල වෙලා. අපේ විසඳුම තමයි ඒ සුළු ප්‍රශ්න තුනට පරිගණක තාක්ෂණය මාර්ගයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පිළිතුර ලබාදීම. සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා රෝග විශේෂඥවරු එතකොට ගැබිනි මව්වරුන්ගේ විශේෂඥවරු හදලා තියෙනවා ගයිඩ්ලයින්ස්. මේ රෝග තියෙනවානම් රෝහල් ගතවෙන්න ඕනේ, නැතිනම්ම් ගෙදර ඉන්නට පුළුවන්. ඒ අයගේ ගයිඩ්ලයින්ස්වලට අනුව අපි පරිගණක ඇප් එකක් හැදුවා. බොහොම සුළු දත්ත ප්‍රමාණයක් අපි අහන්නේ. ඒ අනුව මිනිත්තු දෙක තුනක් ඇතුළත ඒ අයට බොහොම නිවැරදි වෛද්‍ය උදෙසක් දෙනවා ගෙදර ඉන්න පුළුවන්ද ? වහාම රෝහල්ගත වෙන්න ඕනද ? වෛද්‍යවරයෙකුට කතා කරන්න ඕනද ? ගැන.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW