ඔමික්‍රෝන් ගැන සිදුකළ නවතම අනාවරණය එළියට..එක් Covid එන්නතකින් සාර්ථකම ප්‍රතිඵල
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
එමෙන්ම, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 3ක් ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් සමාගම පවසනවා.
රසායනාගාර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ, නව ප්‍රභේදය මැඬ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිදේහ හොදින් නිර්මාණය කිරීමේ හැකියාව ෆයිසර් එන්නතට ඇති බවයි. එසේම මාර්තු මාසය වන විට ඔමික්‍රොන් නව ප්‍රභේදය වෙනුවෙන් එන්නත් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝහල්ගත වීම් වැඩි විය හැකි බවයි. මේ වන විට ලොව පුරා රටවල් 57ක ඔමික්‍රොන් නව ප්‍රභේදය පැතිර තිබෙනවා.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් 268,068,326ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,294,421ක් ලෙසයි.
----------------------------------------
YOU MAY LIKE THIS VIDEO...
මෙරට වෛද්‍යවරුන් කළ දැඩි අනතුරු ඇගවීම..-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |