මෙරට අපයෝජනයට ලක්වන දරුවන් පිළිබඳව නවතම අනාවරණයකින් හෙළිවූ දේ..?

children Beruwala Dalas Alahapperuma
By Sewvandhi Oct 18, 2021 03:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෛනිකව ළමුන් 25 දෙනෙකු විවිධ අපයෝජනයන්ට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ අපයෝජනයට ලක්වන ළමුන්ගෙන් 21 %ක් පමණ වයස අවුරුදු 05ට අඩු කුඩා ළමුන් බවය.බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම අදහස් පළ කළේය.

“මෙම වසරේ ජනවාරි මාසයේ 01 වනදා සිට ජුනි 30 වනදා වන විට දින 180යි මාස 6යි ළමා අපචාර සමබන්ධ පැමිණිලි 4743යි. එම පැමිණිලි ප්‍රමාණය 180 බෙදු විට මොකක්ද ලැබෙන උත්තරය දවසකට ළමා අපචාර 25කට වඩා සිදුවෙනවා. ඒ කියන්නේ පැයකට ළමා අපචාරයකට වඩා සිදුවනවා. මේ ළමා අපචාර චෝදනා සම්බන්ධ දරුවන් වයස් අනුව වෙන් කළහොත් 21%ක් අවුරුදු 5ට අඩු කිරිසප්පයෝ. 5යි 10යි අතරේ 17%ක්, 11යි 15යි අතර 38%ක්, 75ක් ඉන්නේ අවුරුදු 15ක් අඩු මතක තියාගන්න මේ අපචාරයට ලක්වූ අයගෙන් 13%කට වැඩිය ඉන්නේ පියා විත්තිකරු ඊළඟ විත්තිකරු ඉන්නේ අම්මා, පූජ්‍ය පක්ෂය.“

එම උත්සවයට එක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දෛනිකව පුද්ගලයින් 06 දෙනෙකු පමණ මත්කුඩු සඳහා ඇබ්බැහි වන බවය.

-------------------------------------------------------------------

ජර්මන් කතක් මෙරට නිවසක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටි හැටි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now