ලොව ප්‍රථම වතාවට කොවිඩ් එන්නතේ ප්‍රතිදේහය අභිබවන නව ප්‍රභේදයක් හමුවේ
කොවිඩ් මර්ධන එන්නතෙන් ලබාදෙන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එය C.1.2 යනුවෙන් හැඳින්වෙන බවයි වාර්තා වන්නේ.
මෙය 2021 මැයි මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදයක් වනවා.
මෙම ප්‍රභේදය දැඩි විකෘති භාවයකින් යුක්ත කොවිඩ් ප්‍රභේදයක් බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දකුණු අප්‍රිකාවේ නව කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර මෙතෙක් විකෘති වී ඇති ප්‍රභේදය. වසංගතයක් තුළ නව විකෘති මතුවීම සාමාන්‍ය දෙයක් වන අතර වෛරසය ක්‍රියා කරන ආකාරය කෙරෙහි කිසිදු බරපතල බලපෑමක් ඇති නොකරයි යනුවෙන් වෛද්‍ය චන්දිම ජීවාන්දර මහතා සඳහන් කරයි
මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 118,242 කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 8,855 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,715 දෙනෙකුට ලබා දී ඇති බවයි.
එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 1,391 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 1,460 දෙනෙකුට ලබා දී තිබෙනවා.
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හත්දෙනෙකුට ලබාදී ඇති අතර, ඊයේ එහි දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 11,835 ක්.
එසේම ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව එක් අයෙකුට සහ දෙවන මාත්‍රාව 977 කට ලබාදී තිබෙනවා.
එමෙන්ම, කොව්ඩ් ආසාදිත දරුවන් සහ කොව්ඩ් වැළඳී යළි සුව වූ දරුවන් නිහඬවම ගොදුරු විය හැකි භයානක රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
නිහඬ මාරයා නොහොත් Silent hypoxia ලෙස නම් කර ඇති මෙම රෝගී තත්වයේදී රෝග ලක්ෂණ නොපෙන්වාම දරුවන් වෙත භයානක අවස්ථාවක් උදා කිරීමට හැකි බවයි වාර්තා වන්නේ.
ඉහල සහ පහල ශ්වසන මාර්ගයට හානි කරන රෝග කාරකයක් ලෙසයි මෙය හඳුන්වන්නේ. ඒ අනුව දරුවෙකුට කොවිඩ් ආසාදිත වූ පසු මෙන්ම යළි සුව වී එදිනෙදා වැඩ කටයුතු වන සුපුරුදු පරිදි ඇවිදීම, දිවීම වැනි ක්‍රියාකාරකම් වලදී නොදැනුවත්වම ඔක්සිජන් අඩුවීම සිදුවනවා.
එයට එකම පිළියම ලෙසින් කොවිඩ් ආසාදිත හෝ යළි සුව වූ දරුවන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය දිනකට දෙතුන් වතාවක් මැන බලන ලෙසයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |