නව පත්වීම් කිහිපයක් සදහා අනුමැතිය..! පත්වීම් නම් ලැයිස්තුව මෙන්න..

Sri Lanka Government Of Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Sep 22, 2022 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ සහ තානාපතිවරයෙකුගේ පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (20) හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ඒ අනුව, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඩ්නි මනෝරන්ජන් පෙරේරා මහතා පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතාගේ පත්කිරීමට ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පී. එච්. සී. රත්නායක මහතාගේ පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස එල්. එච්. රංජිත් සේපාල මහතාගේ පත් කිරීමටද ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සභාපතිවරයා ලෙස අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පත්කිරීමටද ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග මහතාගේ පත් කිරීමටද කාරක සභාවේ අනුමතිය ලැබී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now