අලුතින් පොලිස් නිලධාරීන් බඳවා ගැනේ
ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැළසුම් කර ඇති බවත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව අද (21 පැවැති සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා පැවසුවේ මීට අමතරව ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවත් එමගින් පොලිස් නිලධාරීන්ගේ සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.