හමාස් සටන්කාමීන්ගෙන් ඉරානයට ඉල්ලීමක්

Report

අමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණවලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේදී අසල්වැසි රටවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලීමක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන හමාස් සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ, ජාත්‍යන්තර නීති සහ සම්මුතීන්ට අනුකූලව ඕනෑම ක්‍රමවේදයක් භාවිත කරමින් අමෙරිකානු - ඊශ්‍රායල ආක්‍රමණවලට ප්‍රතිචාර දැක්වීමට ඉරානයට පවතින අයිතිය තමන් පිළිගන්නා බවයි.

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

කෙසේ වෙතත්, එවැනි ක්‍රියාමාර්ග ගැනීමේදී කලාපයේ අසල්වැසි රටවල් ඉලක්ක කර නොගන්නා ලෙස ඔවුන් ඉරාන "සහෝදරත්වයෙන්" ඉල්ලා ඇත.

හමාස් සංවිධානය කලාපයේ සියලුම රටවලින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ පවතින ආක්‍රමණශීලී තත්ත්වය පාලනය කිරීමටත්, කලාපීය රටවල් අතර පවතින සහෝදරත්වයේ බැඳීම් ආරක්ෂා කර ගැනීමටත් එක්ව කටයුතු කරන ලෙසයි.  

ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි

ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි