රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට චක්‍රලේඛයක් - දීමනා ගෙවීම් කිහිපයක් අත්හිටුවයි..! චක්‍රලේඛය මෙන්න

Government Employee Sri Lanka Sri Lanka Government
By Sewvandhi Aug 15, 2022 08:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අර්බුදකාරී වාතාවරණය තුළ රාජ්‍ ආඩදායම් වර්ධනය කර ගැනීමට යම් කාලයක් වැය ගතවන බවත් එතෙක් වියදම් රාජ්‍ය වියදම් පාලනය කර ගත යුතු බවත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද දක්වමින් මුදල් අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සියලු ම රාජ්‍ය ආයතන සඳහා චක්‍රලේකයේ දැක්වෙන නිර්දේශ සහ පියවරයන් අනුගමනය කර රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කරන ලෙස චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි බිල්පත් වියදම් සීමා කිරීම්, ගොඩනැගිලි ඉදි කිරීම හා කුලියට ගැනීම නැවැත් වීම, දේශීය අරමුදල් මගින් සිදු කරන විදේශ අධ්‍යන චාරිකා සහ පුහුණු වැඩසටහන් නැවැත් වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යංශ හෝ ආයතන මට්ටමින් සිදු කරන විවිධ දීමනා ගෙවීම් අත් හිටුවීම සහ විවිධ සුබසාධන හෝ සහනාධාර සා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇති කර නොගැනීම යන සීමාවන් දැඩිව අනුගමනය කළ යුතයි යනුවෙන් අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් දී තිබෙනවා.

මීට අමතරව වියදම් දැරීමේ දී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී, පියවර 17කින් යුතු වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery